Gossips

වේදිකා නාට්‍ය කිහිපයක අවසර පත්‍ර යළි කැදවයි

රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතියට යටත්ව ජාතික සමගිය හා සංහිිදියා කාර්යාංශය මගින් රඟදැක්වීමට නියමිත වේදිකා නාට්‍ය කිහිපයක අවසර පත්‍ර නැවත කැදවීමට රැගුම් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ, අනුමත කරන ලද රෙගුලාසිවලට පිටින් ගොස් සමාජ මාධ්‍ය ඔස්සේ පූර්ව ප්‍රචාරක පට පළ කිරීම පිළිබදව ලැබී ඇති මහජන පැමිණිලි හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් රැගුම් පාලක මණ්ඩලයේ සභාපති සමන් අතාවුදහෙට්ටි සඳහන් කළේ අදාළ අවසර පත්‍රය යළි කැදවීමෙන් පසු එම නාට්‍ය රඟ දැක්වීමට අවසර හිමි නොවන බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද තමන් අදාළ අංශ දැනුවත් කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
අප මේ සම්බන්ධයෙන් අදාළ නාට්‍ය නිර්මාණ ශිල්පී අසංක සායක්කාරගෙන් විමසා සිටියා.
එහිදී ඔහු කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රැගුම් පාලක මණ්ඩලයට තමන් යළි අභියාචනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.