Gossips

වේග පන්දු යවන්නෙකුට දඩයක්

දකුණු අප්‍රිකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් පනවා තිබෙනවා.
ඉන්දියාව සමග පැවති දෙවන එක්දින තරගයේදී ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර් ධවාන් දවා ගැනීමට අදාළවයි මෙම දඩ මුදල පනවා ඇත්තේ.
ශිකර් ධවාන් දැවී ගිය අවස්ථාවේ දී අත දිගු කර කෝපයෙන් කිසියම් දෙයක් ප්‍රකාශ කිරීම වේග පන්දු යවන්නාට එල්ලවූ චෝදනාව වනවා.
ඒ අනුව දෙවන එක්දින තරගයේ කගිසෝ රබාඩාට හිමිවිය යුතු මුදලින් සියයට 15 ක් කපා හැරෙනු ඇති.
නොසැලකිලිමත්ව කටයුතු කිරීමට අදාළව ඔහුට අප්‍රසාද ලකුණු (demerit point) රැස්වන අතර මෙම වරදට ද එලෙස ලකුණක් හිමිව තිබෙනවා.
මේ අනුව එවැනි වරදවල් සම්බන්ධයෙන් ඔහුට ලැබී ඇති ලකුණු ප්‍රමාණය 5 ක් දක්වා ඉහළ යනවා.
මෙම ලකුණු 4 ක් කිසියම් ක්‍රීඩකයෙකු ලබාගත හොත් ඔහුට තාවකාලික තරග තහනමක් පැනවෙනවා.
ලකුණු 8 ක් ලැබී තිබුනහොත් ඔහුට දීර්ඝ කාලීන තරග තහනමකට ලක්වීමට සිදුවනු ඇති.
පසුගිය 2017 වසරේදී කගිසෝ රබාඩාට එක් ටෙස්ට් තරගයක තහනමක් පනවනු ලැබුවා.
2019 වසරේ පෙබරවාරි මාසයට පෙර ඔහු වැරදි සම්බන්ධයෙන් ලැබෙන ලකුණු 8 ක් ලබාගත හොත් ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවෙනු ඇති. එසේ නොවන්නේ නම් එක් ටෙස්ට් තරගයක්, එක්දින තරගයක් සහ 20 යි 20 තරගයක් හෝ එක්දින තරග 4 ක්, 20 යි 20 තරගයක් තහනම් වනු ඇති.