Gossips

වෙළේ සුදා නිදහස් වෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී සිටින වෙළේ සුදා නොහොත් විදාන පතිරණගේ සමන්ත කුමාර නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ එක් නඩුවකින් අද නිදොස් කොට නිදහස් කෙරුනා.
සැකකරු මෙලෙස නිදොස්කොට නිදහස් කෙරුනේ සාක්ෂි පරස්පර වීම හේතුවෙන්.
2004 වර්ෂයේ හෙරොයින් ග්‍රෑම් 6.7ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුනා.