ඇමරිකා එක්සත් ජනපදය විසින් ආරක්ෂණවාදී වෙළඳ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් අනතුරු ඇඟවීමක් කළා.
ආර්ජන්ටිනා පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියා සිටියේ වෙළඳ යුද්ධයක ජයග්‍රාහකයක් කිසිවෙකු නොමැති බවයි.
ඇය මෙහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ නව බදුවලට ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
ඇමරිකාවට ආනයනය කරන වානේ සඳහා සියයට 25 ක බද්දක් සහ ඇලූමිනීයම්වලට සියයට 10 ක බද්දක් පැනවීමට ජනපති ට්‍රම්ප් පසුගියදා තීරණය කළා.
එහිදී ඔහු කියා සිටියේ වෙළඳ යුද්ධය ඇමරිකානු ආර්ථිකයට යහපත් බවයි.