Gossips

වෙළඳ පොළේ අලෙවි කෙරෙන ගොටුකොළ සහ මුකුණුවැන්න ගැන හෙළිදරව්වක්

වෙළඳපොලේ අලෙවිකරන මුකුණුවැන්න හා ගොටුකොළ වල අධික ප්‍රමාණ වලින් කෘෂි රසායනික ද්‍රව්‍ය අන්තර්ගතව ඇති බව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
පළා කොළ ජලයෙන් සේදුව ද එම කෘෂි රසායන ඉවත් නොවන බව අදාල පර්යේෂණයේදී හෙළි කරගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
කළුතර, මහනුවර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල වානිජමය වශයෙන් වගා කෙරෙන මුකුණුවැන්න සහ ගොටුකොල යොදා ගනිමින් පලිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලය මෙම පර්යේෂණය සිදු කර තිබෙනවා.
පලිබෝධ නාශක යොදා දින 7 කට පසුව ලබා ගත් සාම්පල පරීක්ෂාවට ලක් කර ඇත්තේ අති නවීන විද්‍යාගර තත්ත්ව යටතේයි.