Gossips

වෙළඳසැල් තුනකින් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ පුද්ගලයෙකුගේ සීසීටීවී දර්ශණ එළියට

තිස්සමහාරාම නගර මධ්‍යයේ පිහිටි වෙළඳසැල් තුනකට කිසියම් පුද්ගලයෙකු වහලය මතින් හොර රහසේ ඇතුළුවන සීසීටීවී දර්ශණ පොලිසිය වෙත ලැබී තිබෙනවා.
මෙම පුද්ගලයා අද (01) අලුයම් කාලයේ මෙලෙස වෙළඳසැල්වලට හොර රහසේ ඇතුළු වී ඇති බවයි වාර්තාවන්නේ.
සිල්ලරබඩු වෙළඳ සැල් දෙකකට සහ රන් භාන්ඩ වෙළඳ සැලකට මෙම පුද්ගලයා ඇතුළු වී ඇති අතර රුපියල් ලක්ෂ එකහමාරකට අධික මුදලක් මෙම පුද්ගලයා විසින් සොරකම් කර ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් අදාල පුද්ගලයා පොලිසිය විසින් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර තිස්සමහාරාම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.