Gossips

වෙළඳසැලකින් භාණ්ඩ සොරම් කළ කාන්තාවක් අත්අඩංගුවට

ඉමදූව නගරයේ සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ සොරකම් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට පෙර අවස්ථාවකදී ද මෙම කාන්තාව අදාළ වෙළඳසැලෙන් භාණ්ඩ සොරකම් කරන ආකාරය එහි සවිකර තිබු කැමරාවල පටිගත වී ඇති අතර පසුව මෙම කාන්තාව පිළිබඳ වෙළඳසැල් සේවකයන් අවධානයෙන් පසුවීම හේතුවෙනුයි යළිත් සොරකම් කරන අවස්ථාවේදී හසුවී ඇත්තේ.
ඊයේ දිනයේදී ද ඇය වෙළඳසැලට පැමිණ භාණ්ඩ සොරකම් කරන අවස්ථාවේ පොලිසියට කළ දැනුම්දීමකට අනුව ඇය අත්අඩංගුවට ගැනුනා.
ඉමදුව පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශණ මෙහෙයවනවා.