Gossips

වෙළඳසැලක් තුල සිදුවූ සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි

රහසිගතව වෙළදසැලකට ඇතුළු වූ පුද්ගලයෙක් එහි තිබූ භාණ්ඩ සොරාගන්නා ආකාරය එම වෙළඳසැලේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණා.
හැටන් නගරයේ පිහිටි වෙළදසැලකටයි පසුගිය05 වනදා රාත්‍රියේ සැකකරු මෙලෙස ඇතුළු වී ඇත්තේ.
වෙළදසැලේ වහලයට නැඟ එහි සිවිලම කඩා ලණුවක් ආධාරයෙන් මෙම පුද්ගලයා වෙළදසැලට ඇතුල්වන ආකාරය ආරක්‍ෂිත කැමරාවල සටහන්ව තිබෙනවා.
එලෙස ඇතුළු වූ සැකකරු විසින් වෙළදසැලේ තිබූ ආහාර ද්‍රව්‍යය කිහිපයක් සොරාගෙන ඇති බවයි හෙළිව ඇත්තේ.
හැටන් නගරයේ සිදුවූ සොරකම් ගණනාවකටම සම්බන්ධ බවට සැක කෙරනෙ මෙම සැකකරු පිළිබදව තොරතුරු වෙතොත් හැටන් පොලිසිය වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය ඉල්ලීමක් කරනවා.