Gossips

වෙළඳසැලකට පහරදුන් 24 දෙනෙකු අත්අඩංගුවට

තෙල්දෙණිය – මොරගහමුල ප්‍රදේශයේ පිහිටි වෙළඳසැළකට ප්‍රහාරයක් එල්ල කර ගිනි තැබීමේ සිද්ධියකට පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (04) රාත්‍රි 9 ට පමණ මෙම පහරදීම සිදුව ඇති බවයි.
පසුගිය මස 22 වනදා ලොරි රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහරදී ඔහු මියයෑමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අදාළ පුද්ගලයාට ත්‍රිරෝද රථයකින් පැමිණි සිව්දෙනෙකු පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටියදී පසුගිය 03 වනනදා මියගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.