Gossips

වෙළදුන් 340 කට පසුගිය සතියේ නඩු

පාරිභෝගික සේවා අධිකාරියේ නීති උල්ලංඝණය කළ වෙළඳසැල් හිමියන් 340 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.
මේ මස 9 වනදා සිට 15 වනදා දක්වා කාලය තුල උත්සව සමය ඉලක්ක කර ගනිමින් වැටලීම් 510 සිදුකර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
ඉන් දඩ වශයෙන් රුපියල් දහතුන් ලක්ෂ 96,000 ක මුදලක් අයකරගෙන තිබෙනවා.
එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් 21,188 ක් සිදුකර වෙළඳුන් 21,254 කට එරෙහිව නඩු පවරා ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.