වෙසක් සමයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලදී නීතිවිරෝධී ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය ඇතුලු සුරාබදු අක්‍රමිකතා සම්බන්ධයෙන් සාර්ථක වැටලීම් 439 ක් සිදුකළ බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අතර නීතිවිරෝධී ලෙස සීමාව ඉක්මවා මත්පැන් සන්තකයේ තබාගැනීම සහ ප්‍රවාහනය සම්බන්ධ සිද්ධීන් 227 ක් වන අතර, නීතිවිරෝධී ලෙස මත්පැන් විකිණූ ස්ථාන 90 ක්ද වටලා තිබෙනවා.
ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානය කිරීම සහ බදු නොගෙවූ දුම්වැටි අලෙවි කිරීම සම්බන්ධ වැටලීම් 25 ක්ද සිදුකළ බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ කියා සිටියේ.