Gossips

වෙසක් උත්සවයට කොළඹ සරසමින් තිබූ දොඹකරයක් කඩා වැටෙයි

කොළඹ මහ නගර සභාව අවට ප්‍රදේශයේ වෙසක් සැරසිලි කරමින් තිබු කොළඹ මහ නගර සභාවට අයත් දෝඹකරයක් හදිසියේ අධාරකයෙන් ලිස්සා යාමෙන් පෙරලි ගොස් තිබෙනවා.
අද (27) දහවල් මෙම අනතුර සිදුවන අවස්ථාවේදී එම දෝඹකරයේ ඉහල රදවනයේ කොළඹ නගර සභාවේ සේවකයින් දෙදෙනෙකු සේවය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් ඔවුන්දෙදෙනා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
දෝඹකරය පෙරලි යෑමෙන් ඒ අසලින් ගමන් කල කාර් රථයකටද සුළු හානි සිදුවී තිබෙනවා.
මෝටර් රථයේ රියදුරු පැවසුවේ තමන් දුර සිට දොඹකරය පෙරලෙන අකාරය දුටු බැවින් සිදුවන්නට ගිය බරපතල අනතුරක් වලක්වා ගැනීමට හැකි වූ බවයි.