ගාල්ල, හබරාදුව ප්‍රදේශයේ වෙල්යායක සිටි කිඹුලෙක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන තිබෙනවා.
අප වාර්තාකරු කියා සිටියේ ඊයේ රාත්‍රියේ මෙම කිඹුලා එම ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරන අයුරු පුද්ගලයෙක් විසින් දැක ඇති බවයි.
ඒ අනුව එම පුද්ගලයා ප්‍රදේශවාසීන් සමඟ කිඹුලා අල්ලා ගැනීමට කටයුතු කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ගාල්ල හික්කඩුව වනජීවී කාර්යාලය වෙත දැනුම් දී ඇතැයි සඳහන්.
