පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීමේ සිද්ධියෙන් පසු යළිත් එවැනිම පුරාවිද්‍යා වටිනාකමින් යුත් දාගැබ් නටබුන් මත පිරිසක් ඡායාරූප ගැනීමේ සිද්ධියක් පිළිබදව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.
බෞද්ධ තොරතුරු කේන්ද්‍රය සඳහන් කළේ ත්‍රිකුණාමලය – වෙල්ගම් වෙහෙර ඓතිහාසික පුද බිමේ පුරා විද්‍යා වටිනාකමින් යුත් දාගැබක නටබුන් මත මෙලෙස පිරිසක් ඡායාරූප ගෙන ඇති බවයි.
මීට පෙර මෙවැනිම සිද්ධියක් ලෙස පිදුරංගල පර්වතයේ සිට ඡායාරූප ගැනීමේ සිද්ධිය වාර්තා වූ අතර ඊට තරුණයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කොට මුදා හැරීමටයි කටයුතු කරනු ලැබුවේ.
කෙසේ වෙතත්, තවත් එවැනිම ක්‍රියාවක් ලෙස ත්‍රිකුණාමලය – වෙල්ගම් පුදබිමේ දාගැබ් නටබුන් මත ඡායාරූප ගැනීමේ සිද්ධිය නම් කළ හැකි බැවින් ඒ පිළිබදව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද ගොනු කර තිබෙනවා.
