පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම තමාට කුමන චෝදනා එල්ල කරනු ලැබුව ද ජනතාව ඒවා පිළි නොගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ නිළ නිවසේ ඊයේ (23) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙම සාකච්ජාවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ද සහභාගි වී සිටියා.
