Gossips

වෙරළ පිරිසිදු කිරීමේ රටවල් අතරින් ශ්‍රී ලංකාව 16 වන ස්ථානයට

අදට යෙදෙන අන්තර් ජාතික වෙරළ පවිත්‍රා දිනයට සමගාමීව සංවිධාන කෙරුණු වෙරළ පවිත්‍රතා ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ගාල්ල වෙරළ තීරයේදී ආරම්භ වුණා.
ඊයේ (15) සිට එළඹෙන 22 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙන මෙම වෙරළ පවිත්‍රා සතියේදී වෙරළ හා සමුද්‍රීය පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් ගණනාවක් ද ක්‍රියාත්මකයි.
පසුගිය වසරේ දිවයින වටා සිදුකරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය අනුව ශ්‍රී ලංකාව සියළු රටවල් අතරින් 16 වන ස්ථානයට පත්ව සිටිනවා.