තොඩුවාව, කුඩාමඩුවැල්ල, ඉරණවිල, හලාවත වැල්ල, කරුප්පනේ සහ මුතුපන්තිය ඇතුලූ වෙරළ තීරයන් උග්‍ර ලෙස ඛාදනයට ලක්වන බව පවසමින් ධීවරයින් පිරිසක් කුඩාමඩුවැල්ල මංසන්ධියෙන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ද සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
