Gossips

වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය සී.අයි.ඩී යට

ප්‍රකාශයක් ලබාදීම සඳහා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් අද (03) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඒ පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7 යි දශම 6 ක මුදලක් වියදම් කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ අනාවරණය පිළිබදව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහායි.
පසුගිය ජුනි මස 29 වනදා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති අතර, ඒ අනුවයි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා අද එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ.