වෙනිසියුලාවේ පවතින දේශපාලන අර්බුදයට විකල්පයක් ලෙස හමුදා මැදිහත්වීමක් අවශ්‍ය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට රුසියාව සිය විරෝධය පළ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදූරෝ සිය ධුරයෙන් ඉවත් කිරීමට බටහිර රටවල් දැනටමත් බලපෑම් සිදුකරමින් පවතිනවා.
ඒ සමඟයි තමන් අන්තර්වාර ජනාධීපති ලෙස එරට විපක්ෂ නායක හුවාන් ග්වයිඩෝ ප්‍රකාශ කර ඇත්තේ.
පවතින තත්ත්වය හමුවේ විපක්ෂ නායකවරයා කරනු ලැබූ ඉල්ලීමකට අනුව වෙනිසියුලාවට ආධාර යැවීමට ඇමරිකාව එකඟතාවය පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ චෝදනා කළේ කුමන්ත්‍රණ මගින් බලය අල්ලාගැනීමට එරට විපක්ෂ නායකවරයා කටයුතු කරමින් සිටින බවටයි.