වෙනිසියුලාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු වූ හියුගෝ කවයාල් ස්පාඤ්ඤයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මොහුට විරුද්ධව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇමරිකාව ගොනු කර තිබූ චෝදනාවකට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
එමෙන්ම, මොහුව ඇමරිකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලීමක් ද කර තිබෙනවා.
වෙනිසියුලාවේ හිටපු ජනාධිපති හියුගෝ චාර්වෙස්ගේ සමීපතමයෙකු වූ මොහු පසුගිය පෙබරවාරි මාසයේදී වත්මන් ජනාධිපති නිකොලොස් මදුරෝව දැඩි ලෙස විවේචනය කරනු ලැබුවා.
එමෙන්ම වර්තමාන අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස සැලකෙන ජුුආන් ග්වයිඩෝට සහය පළ කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්.
