Gossips

වෙනිසියුලාවේ විපක්ෂ නායකයා ජනපති ලෙස යුරෝපය පිළිගනී

නව මැතිවරණයක් කැදවන ලෙස ලබාදී තිබූ කාල විරාමය ඉකුත්වීමත් සමඟ විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ, වෙනිසියුලාවේ නායකයා ලෙස පිළිගැනීමට එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය ඇතුළු අනෙකුත් යුරෝපා රටවල් අද තීරණය කළා.
කෙසේ නමුත්, ජනාධිපති නිකලස් මධූරෝ ප්‍රකාශ කළේ එරට දැන් සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බවයි. විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ, තමා අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මධූරෝට ඉල්ලා අස්වන ලෙස ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් එල්ල වන්නේ දැඩි පීඩනයක්.
කෙසේ නමුත්, ජනාධිපති මධූරෝ සඳහන් කළේ වෙනිසියුලාවට මැදිහත්වුවහොත් ජනපති ට්‍රම්ප්ට රුධිරය තැවරුණු දෑතින්, ධවල මන්දිරයෙන් නික්මීමට සිදුවනු ඇති බවයි.