වෙනිසියුලාවේ – කර්කාස් නුවර රාත්‍රී සමාජශාලාවක් තුළ කඳුළු ගෑස් බෝම්බයක් පිපිරීමෙන් ඇතිවූ තෙරපීමක් නිසා පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය 8 දෙනෙකු වයස අවුරුදු 18 ට අඩු යෞවන යෞවනියන් වන අතර, ඔවුන් වැඩිදෙනා ඊයේ එහි පැමිණ ඇත්තේ උසස් පාසලෙන් නික්මීම සැමරීමටයි.
වෙනිසියුලාවේ පසුගියදා පැවති විරෝධතාවලදී කඳුළු ගෑස් බෝම්බ රැසක් යොදාගැනුනු නමුත් එවැන්නක් සමාජශාලාවට පැමිණි අයෙකු අතට පත්වූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මකයි.
