Gossips

වෙනිසියුලාවේ පොලිසියක ගින්නකින් 68 දෙනෙකු මරුට

වෙනිසියුලාවේ වැලන්සියා නගරයේ පිහිටි පොලිසියක් තුල ඇති වූ ගින්නකින් පුද්ගලයන් 68 දෙනෙකු මියගොස් තිබෙනවා.
මියගිය පිරිසට රැදවියන් ද අයත් වන අතර විදෙස් වාර්තා සඳහන් කළේ සිර මැදිරිය තුල සිටි රැදවියන් පිරිසක් ඇද ඇතිරිලිවලට ගිනි තැබීමෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.
ඔවුන් සිරමැදියෙන් පලායාම සඳහා මෙම ගින්න ඇති කරන්නට ඇති බවට එරට බලධාරීන් සැක පළ කරනවා.
කෙසේ වෙතත් මේ වනවිට වැලන්සියා නගරයේ ආරක්ෂාව දැඩි කර ඇති බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.