Gossips

වෙනිසියුලාවේ දේශපාලන අර්බුදය තවදුරටත්

වෙනිසියුලාවේ වත්මන් ජනාධිපති නිකොලොස් මදුරෝ සිය ධුරයෙන් ඉවත් වන්නේ නම් ඔහුට සමාව දීමට කටයුතු කරන බව එරට විපක්ෂ නායක ජ්වාන් ගයිඩෝ පවසනවා.
වෙනිසියුලාවේ පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයෙන් නිකොලොස් මදුරෝ දෙවන වරටත් ජයග්‍රහණය කළ අතර, එය නීතිවිරෝධී බව පවසමින් එරට දැවැන්ත විරෝධතා ආරම්භ වුණා.
පසුගියදා නිකොලොස් මදුරෝ සිය ධුරයේ වැඩ භාර ගැනීමත් සමග විරෝධතා තවදුරටත් උග්‍ර වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
කෙසේ වෙතත්, ලෝකයේ බොහෝ රටවල් නිකොලොස් මදුරෝ ජනාධිපතිවරයා ලෙස පිළිගන්නවා ද නැද්ද යන්න පිළිබදව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැහැ.
කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ එරට ආරක්ෂක හමුදා නිකොලොස් මදුරෝට සහය පළ කරන බවයි.
එසේම ඇමරිකාව, විපක්ෂ නායකවරයාට සහය පළ කරමින් රට තුළ මෙම අර්බුදය නිර්මාණය කර ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.