Gossips

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය අද

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා.
මේ වසරේ දෙසැම්බර් මාසයේදී මෙම ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණද එරට පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් අතුරු මැතිවරණයක් ලෙස මාස කිහිපයකට පෙර එය පැවැත්වීම විශේෂත්වයක්.
එරට ජනාධිපති නිකලොස් මදුරෝගේ පාලනය තුළ වෙනිසියුලානු ආර්ථිකය බිඳ වැටී ඇති බවට චෝදනා එල්ලවී තිබෙනවා.
එමෙන්ම ඇමරිකාව විසින් වෙනිසියුලාවට ආර්ථික සම්බාධක ද පනවනු ලැබුවේ ජනපති මදුරෝට එරෙහිව දූෂණ චෝදනා එල්ලවීම සහ මානව හිමිකම් ගැටළු හේතුවෙන්.