Gossips

වෙනිසියුලාවේ අද දැවැන්ත විරෝධතා

ජනාධිපති නිකලස් මධුරෝට සහය දක්වන කණ්ඩායම් සහ ඇමරිකානු සහය ලබන විපක්ෂයේ ආධාරකරුවන් වෙනිසියුලාවේ කරකාස් අගනුවර අද දැවැන්ත රැළි සංවිධාන කර තිබෙනවා.
ඊට පෙර එරට බොහෝ ප්‍රදේශවල විදුලිය බිද වැටීම් ඊයේ දිනය පුරා දක්නට ලැබුණා. මධුරෝගේ රජය චෝදනා කළේ එය ඇමරිකානු කුමන්ත්‍රණකාරීන්ගේ පියවරක් ලෙසයි.
විදුලිය බිද වැටීම හේතුවෙන් රෝහල්වල කටයුතු ද අඩාල වී ඇති බව සඳහන්.
ජල, විදුලි බලාගාර පද්ධතියේ දෝෂයක් මෙලෙස විදුලිය බිද වැටීමට හේතුව ලෙස රජය කියා සිටියා.
ඉන්ධනවලින් පොහොසත් වුවත් වෙනිසියුලාවේ විදුලිබල සැපයුමෙන් බහුතරයක් ලැබෙන්නේ ජල විදුලියෙන්.