Gossips

වෙනිසියුලානු ජනපති පැය 72ක් තුල ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඉවත් වන ලෙස දන්වයි

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ එරට සිටින ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් සියලූදෙනාට පැය 72 ක් ඇතුළත ඉවත්ව යන ලෙසට දැනුම් දී තිබෙනවා.
ඒ, වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස තමන් පිළිගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟයි.
වෙනිසියුලාවේ ජනාධිපතිවරණය මීට මසකට පෙර පැවැත්වූ අතර, විපක්ෂය එය වර්ජනය කරනු ලැබුවා.
කෙසේ වෙතත් යළි නිකලස් මදුරෝ එරට ජනාධිපතිවරයා ලෙස පත්වූ අතර ජනතාවගෙන් ඊට දැඩි විරෝධයක් එල්ලවුණා.
මේ හේතුවෙනුයි එරට විපක්ෂ නායකවරයා අන්තර්වාර ජනාධීපතිවරයා ලෙස පිළිගන්නා බවට ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ.
ඇමරිකාවට අමතරව බ්‍රසීලය, කොළොම්බියාව සහ පේරු ඇතුලූ රටවල් කිහිපයක් වෙනිසියුලානු විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා ලෙස පිලිගන්නා බව ප්‍රකාශ කර තිබුණා.