Gossips

වෙන් නොකළ කසල රැගෙන යාමේ අවසන් දිනය අද

කොළඹ නගරයේ එක්රැස් වී ඇති වෙන් නොකළ කසල අදින් පසු ඉවත් කිරීමට කටයුතු නොකරන බව කොළඹ වැඩබලන නාගරික කොමසාරිස් එල්.ආර්. ලලිත් වික්‍රමරත්න පවසනවා.
මෙලෙස කසල එක්රැස් වී ඇති ස්ථානවලට සේවකයින් යොදවා කසල වෙන් කර ඉවත් කිරීමට කටයුතු අද (17) දිනයේ සිදුකරන අතර ඉන් පසු වෙන් කළ කසල පමණක් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි වැඩබලන නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත්, කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ විවිධ ස්ථානවල ඊයේ (16) දිනයේදීත් කසල එක්රැස් වී තිබෙනු දක්නට ලැබුණා.
කසල එක්රැස් කරන සේවකයින් පැවසුවේ වෙන් නොකළ කසල රැගෙන යාමට තමන්ට හැකියාවක් නොමැති බවයි.
කෙසේ වෙතත්, තමන් කසල වෙන් කළ ද ඒවා රැගෙන යාමට සේවකයින් නොපැමිණෙන බවට ජනතාව චෝදනා නගනවා.