වෙන්නප්පුව – පොලීසිය තුලදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ කාන්තාව පොලීසියට පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණි අවස්ථාවේදී මෙම පුද්ගලයා පැමිණ පිහි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇය 35 හැවිරිදි බෝලවත්ත – වයික්කාල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
කළක් මෙම කාන්තාව සමීපව ඇසුරු කර ඇති 41 හැවිරිදි සැකකරු මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු හෙට දිනයේදී මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
