Gossips

වෙන්නප්පුවේ මාරක රිය අනතුරකින් හයදෙනෙකු මරුට – 3 කට බරපතල තුවාල (ඡායාරූප)

වෙන්නප්පුව – නයිනමඩම පාලම අසළදී සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තිබෙනවා.
අද අලූයම 3.15 ට පමණ හලාවත දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දිශාවටම ධාවනයවූ මාළු ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අනතුරින් තවත් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
ඉන් දෙදෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර, තවත් අයෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර එවා තිබෙනවා.
මේ අතර ජා-ඇල – තුඩැල්ල දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියක ගැටී සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරෙන් ඔහුගේ බිරිද සහ දියණිය ඊයේ ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහු රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සදහන් කළේ.
හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක මෙම යතුරුපැදිය ගැටී ඊයේ සිදුවූ අනතුරෙන් 8 හැවිරිදි දියණිය එම ස්ථානයේදීම මියගිය අතර 38 හැවිරිදි මව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා.