Gossips

වෙනසෙන් පසු නිදහස් පක්ෂයේ පළමු මධ්‍යම කාරක සභාව අද රැස්වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තාවකාලිකව නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමෙන් අනතුරුව අද ප්‍රථමවරට පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වනවා.
පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පස්වරුවේ පැවැත්වෙන්නේ ජනාධිපති නිල නිවසේදීයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා තාවකාලික නිලධාරී මණ්ඩලය පසුගිය ඉරිදා තෝරා පත් කර ගනු ලැබූ අතර, එහිදී පක්ෂයේ නව ලේකම්වරයා බවට පත්වුණේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසයි.
පක්ෂ සභාපතිවරයා ලෙස යළිත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්වූ අතර, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න පක්ෂයේ උපදේශකවරු ලෙස යළි තෝරා පත් කර ගනු ලැබුවා.
එමෙන්ම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස තෝරාගනු ලැබුවේ අමාත්‍ය දුමින්ද දිසානායකයි.