Gossips

වෙනස්කම් රැසක් සමඟින් ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි – අකිලගේ තහනම ඉවතට

දඟ පන්දු යවන ක්‍රීඩක පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ නව ඉරියව්ව නිවැරදි බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා.
මේ අනුව ඔහු එළඹෙන දකුණු අප්‍රිකා එක්දින තරඟ සංචාරයට කැඳවූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ.
දකුණු අප්‍රිකා එක්දින තරඟාවලිය සඳහා කණ්ඩායම නම් කළ අතර එහි නායකත්වය ලසිත් මාලිංගට ලබා දී ඇති අතර නවක ක්‍රීඩකයන් වන අවිශ්ක ප්‍රනාන්දු, ඔසඳ ප්‍රනාන්දු, ඇන්ජෙලෝ පෙරේරා, ප්‍රියමාල් පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබෙනවා.
එක්දින සංචියට නම් කර ඇති අනෙක් ක්‍රීඩකයන් වන්නේ. උප නායක නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඉසුරු උදාන, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන්.