Gossips

වෙනම රාජ්‍යයක් සඳහා සහය නොදෙන බව කැනඩාව කියයි

ඉන්දියාව හෝ කිසිදු රටකට වෙනත් රාජ්‍යයක් පිහිටුවීමට සහය ලබා නොදෙන බව කැනඩාව පවසනවා.
මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතවන කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මේ බව ප්‍රකාශ කර ඇත්තේ පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය අමරින්ඩර් සිං මුණ ගැසෙමින්.
පන්ජාබ් ප්‍රාන්තය ඉන්දියාවෙන් වෙන්වීමට සූදානමක් පවතින බවට පසුගිය කාලයේ වාර්තා වුණා.
එහිදී අදහස් දක්වමින් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා කිියා සිටියේ තම රටේ කුයිබෙක් නුවර හටගත් බෙදුම්වාදී රැල්ල මැඩපැවැත්වීමට දැඩිව කටයුතු කළ බවයි.