Gossips

වෙඩි වැදුනු අලි පැටවෙකුට වනජීවී නිලධාරීන් ප්‍රතිකාර කරයි (ඡායාරූප)

කන්තලේ වාන් ඇල රක්ෂිත ප්‍රදේශයේ වෙඩි වැදී තුවාල ලබා සිටි වන අලි පැටවෙකුට ප්‍රතිකාර කිරීම ඊයේ පස්වරුවේ සිදු කෙරුනා.
කන්තලේ වනජීවී නිලධාරීන් විසින් දැනුවත් කිරීමෙන් අනතුරුව ගිරිතලේ වනජීවී නිලධාරීන් පැමිණ අලි පැටවාට ලබාදුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
තුවාල ලැබු අලි පැටවාගේ වයස අවුරුදු 4 ක් පමණ වන බව සඳහන්.
වෙඩි වැදී තුවාල ලබා මඩේ එරී සිටි අලි පැටවා ගොඩ ගැනීමට වනජීවී නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දැරූ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ඡායාරූප – පොළොන්නරුව රොෂාන් තුෂාර