Gossips

වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේදී සිදුවූ වෙඩි වැදීමකින් තුවාල ලබා රෝහල් ගතව සිටි පුද්ගලයෙකු සහ ඔහු රෝහලට ඇතුළත් කළ පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි. පසුගිය 5 වනදා මෙලෙස වෙඩි වැදීමෙන් රෝහල් ගත කර තිබුණේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙක්.
වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මොහු ටී – 56 ගිනි අවිය, සකස් කිරීමට යාමේදී එය ක්‍රියාත්මක වීමෙන් වෙඩි වැදී ඇති බවටයි.
ඒ අතර, මෙම තුවාලකරු රෝහල් ගත කළ පුද්ගලයා ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.