Gossips

වෙඩි වැදී රෝහල්ගත කර සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා මිය යයි

වෙඩි වැදී බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන් අද අලූයම කරාපිටිය ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය බදාදා මොහු පල්ලත්තර – මොරදවාන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ වෙඩි ප්‍රහාරයකට ලක්ව වැටී සිටියදී තංගල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස මිය ගොස් ඇත්තේ.