Gossips

වෙඩි වැදී මියගිය තරුණයෙකුගේ සිරුරක් මුලතිව් කැලෑවකින් හමුවෙයි (ඡායාරූප)

මුලතිව්, මුල්ලියාවේලි, ප්‍රදේශයේ කැලෑවක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ඊයේ (29) රාත්‍රියේ සොයාගත් මෙම සිරුර වෙඩි වැදීමෙන් මියගිය අයෙකුගේ බවට අනාවරණය වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මුල්ලියාවේලි පොලිසිය පැවසුවේ මෙලෙස සොයාගත් මළ සිරුර මුල්ලියාවේලි, පළමුවන පටුමඟ ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයයෙකුගේ බවයි.
ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත මෙම සිරුර සොයාගෙන ඇති අතර අදාළ පුද්ගලයාගේ හිස ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම වෙඩි වැදීම කෙසේ සිදුවුයේ ද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක අතර, පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා සතුන් මැරීම සඳහා බෙහෙත් කොටන තුවක්කුවක් රැගෙන ගොස් ඇති බවත් එහිදි සිදුවු අත්වැරදීමක් මත තුවක්කුව පත්තුවී හිසට වෙඩි වැදී ඇති බවට සැක පළකරන බවයි.
සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ මුලතිව් රෝහලේදී පැවැත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඡායාරූප – වවුනියාව, මාධව කුලසූරිය