Politics Sri Lanka

වෙඩි තැබිමකින් අදත් පුද්ගලයකු මරුට

වෙඩි තැබිමකින් අදත් පුද්ගලයකු මරුට

තලංගම විමලතිස්ස මාවතේ නිවසකට අද අලුයම 3.00 පමණ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 51 හැවිරිදි පුද්ගලයකු මියගොස් තිබේ.

එම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ 48 හැවරදි බිරිඳ බරපතල තුවා ලබා ඇත.

සැමියා මියගොස් ඇත්තේ බරපතල තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනකු නිවසට පැමිණ මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවට තොරතුරු ලැබි ඇති බව පොලීසිය පවසයි.

එම ස්ථානයේ තිබී හිස් පතුරොම් තුනක් පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර තලංගම පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.