Gossips

වෙඩි තබා ඝාතනය කළ දළ ඇතෙකුගේ සිරුරක් හමුවෙයි

වෙඩි වැදී මියගොස් සිටි දළ ඇතෙකුගේ මළ සිරුරක් අරලගංවිල ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.
දින 10 කට පමණ පෙර හිසට වෙඩි තබා ඝාතනය කර ඇතැයි සැක කෙරෙන මෙම ඇතාගේ මළ සිරුර අද පෙරවරුවේ සොයා ගැනුනේ ප්‍රදේශවාසීන්ගෙන් ලැබුනු තොරතුරකට අනුවයි.
මෙම සත්වයාගේ එක් දළයක් ඝාතකයන් විසින් කපාගෙන ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.
අවුරුදු 20 ක පමණ වයසකින් යුත් මෙම ඇතාගේ උස අඩි 7 හමාරත් 8 ත් අතර වන බව සඳහන්.
මාදුරුඔය රක්ෂිතයේ සිට නිරන්තරයෙන් අරලගංවිල ප්‍රදේශයට පැමිණෙන මෙම ඇතා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නැහැ.
අරලගංවිල පොලිසිය සහ වනජීවී නිලධාරීන් මෙම ඇතාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා.