රුපියල් කෝටි 700ක මැණික් සහ දියමන්තියක් සොරකම් කළ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මාකඳුරේ මදුෂ්ගේ ගෝලයෙක් වන "වෙඩිකන්දේ කසුන්" ලබන මාර්තු මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීන් පිරිසක් සැකකරු ඊයේ උදෑසන අත්අඩංගුවට ගත්තේ වත්තල – වෙඩිකන්ද ප්‍රදේශයේදියි.
පසුගිය වසරේ නොවැම්බර් 5 වනදා පොලිස් නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුනු පිරිසක් පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක තිබූ මෙම මැණික් සහ දියමන්තිය කොල්ලකා තිබුණා.
රුපියල් කෝටි 500 ක් වටිනා දියමන්තියක් සහ රුපියල් කෝටි 200 ක් වටිනා මැණික් මෙලෙස කොල්ල කා තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
