Gossips

වෘත්තීය සමිති නියෝජිතයන්ට ජනපතිගෙන් ඉල්ලීමක්

රාජ්‍ය ආයතන තුල ගැටුම්කාරී තත්වයකට ඉඩ නොතබා සාමය ආරක්ෂා කර ගැනීමට කැපවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන් සමග අද පෙරවරුවේ පැවති හමුවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
පසුගිය දිනවල රාජ්‍ය ආයතන කිහිපයක් තුල ඇතිවු සිදුවීම් පෙන්වා දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියේ ජාත්‍යන්තර වශයෙන් රටට අපකීර්තියක් ගෙනදීමට ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරන තත්වයක් පවතින බවයි.
එවැනි තත්වයක් තුල සියලු රාජ්‍ය ආයතනවල සාමය පවත්වාගෙන යමින් රජයට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය ආයතන තුළ ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොතැබීම වෘත්තීය සමිති නියෝජිතයන්ගේ වගකීම බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.