Politics Sri Lanka

වෘත්තීය සමිති නායක දඩයමට එරෙහිව ලංවීම සේවකයෝ කළු කොඩි ඔසවති

වෘත්තීය සමිති නායක දඩයමට එරෙහිව ලංවීම සේවකයෝ කළු කොඩි ඔසවති

ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ඇතුලු වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෝ අද (19) එම ප‍්‍රධාන කාර්යාලය ඇතුලු සියලුම වැඩ බිම් ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධතාවයේ නිරත වී සිටිති.

විදුලි බල මණ්ඩලයේ පාළනාධිකාරිය ලබාදුන් මෙම තීරණයට එරෙහිව ආරම්භ කරන විරෝධතාවයේ පළමු පියවර ලෙස මෙම ක‍්‍රියාමාර්ගය ගන්නා බවත් ඉන් අනතුරුව අඛන්ඩව වෘත්තීය ක‍්‍රියාමාර්ග රැසක් ක‍්‍රියාත්මක කරන බවත් රන්ජන් ජයලාල් මහතා පැවසීය.

රන්ජන් ජයලාල් මහතාට අමතරව විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සමුලූ ලේකම් අජිත් දේවප‍්‍රිය, විදුලි බල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ලේකම් ඩබ්. ඒ. පී ප‍්‍රභාත්, උප සභාපති පී. ඞී. එස් පේ‍්‍රමලාල් කමිටු සාමාජිකයන් වන ඞී. එස් විජයලත්, ප‍්‍රියන්ත ගුණසේකර යන මහත්වරුන්ගේ සේවය මෙලෙස අත්හිටුවා ඇත.