Gossips

වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසා බදුල්ල රෝහලේ කටයුතු අඩපණ වෙයි

බදුල්ල මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයක මණ්ඩල විසින් සිදු කරනු ලබන වැඩ වර්ජනය තෙවන දිනටත් අද (10) ක්‍රියාත්මක වනවා.
වැඩ වර්ජකයින් පවසන්නේ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා අත්තනෝමතික ලෙස කටයුතු කිරීම වැඩ වර්ජනයට හේතු වී ඇති බවයි.
වර්ජනය හේතුවෙන් රෝහලේ කටයුතු සම්පුර්ණයෙන් අඩපණ වී ඇති අතර රෝගීන්ද දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.
අප වාර්තාකරු කියා සිටියේ මේ වන විට රෝහලේ අත්‍යඅවශ්‍ය කටයුතු සිදු කරන්නේ සේවයේ නිරත වෛද්‍යවරුන් බවයි.