Gossips

වී වගාවේ හඳුනානොගත් රෝගයක්

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි කුඹුරුවල වී වගාවේ හඳුනා නොගත් රෝගයක් පැතිර යමින් පවතින බව ගොවීන් පවසනවා.
මෙහිදී වී වගාව ආරම්භ කොට මාස දෙකක් පමණ ගතවූ පසු ගොයම් ගසේ පත්‍ර කහ පැහැ ගැන්වී සිහින්වීමක් සිදුවන බවයි ගොවීන් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම උපදේශකවරුන් දැනුම්වත් කිරීමක්ද සිදුකර ඇති බවයි දඹුල්ල – පහළවැව වෙල්යායේ ගොවීන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.