Gossips

වී වගාවට තවත් කෘමි උවදුරක්

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති කීඩෑ උවදුර හේතුවෙන් වී වගාවට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වනවා.
අප වාර්තාකරුවන් පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් වගා බිම් රැසක් විනාශ වී ඇති බවයි.
මෙහිදී මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, වැලිකන්ද, මින්නේරිය, අරලගංවිල ඇතුළුව පොලොන්නරුවේ දිස්ත්‍රික්කය පුරාමෙවර වී වගා කෙරුණු භූමි ප්‍රමාණය අක්කර 1,20,000 කට ආසන්නයි.
ඉන් සියයට 60 ත් 70 ත් අතර වගා බිම් ප්‍රමාණයක් මෙම කීඩෑ උවදුරට ලක්ව තිබෙනවා.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පෙන්වා දෙන්නේ සියයට 5 ත් 10 ත් අතර වී වගාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.