වී අලෙවි මණ්ඩලය මේ වනවිට ගොවීන්ගෙන් වී මෙටි‍්‍රක් ටොන් 22,000 ක් මිලදී ගෙන ඇති බව, කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් ප්‍රකාශ කළා.
ඉන් මෙටි‍්‍රක් ටොන් 5200 ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මිලදී ගත් වී ප්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 2500 ක්.
කෙසේ වෙතත්, ඇතැම් ගොවීන් වී වේලීමකින් තොරව තෙත බරට කමතේදීම වී අලෙවි කරන තත්ත්වයක් ද දක්නට ලැබෙන බව අමාත්‍යවරයා කියා සිටියා.
