මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේදී ඊට අදාළ මහජන පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව 0112 – 33 59 86 යන දුරකතන අංකය අමතා ඊට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ.
මේ අතර, වී අලෙවි මණ්ඩලය මේ වනවිට ගොවීන්ගෙන් වී මෙටි‍්‍රක් ටොන් 22,000 ක් මිලදී ගෙන ඇති බව, කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් ඊයේ ප්‍රකාශ කළා.
ඉන් මෙටි‍්‍රක් ටොන් 5200 ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මිලදී ගත් වී ප්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 2500 ක්.
