Gossips

වී කිලෝවකට රුපියල් 60ක සහතික මිලක් ඉල්ලා වැලිකන්දේ උද්ඝෝෂණයක්

රජය විසින් වී කිලෝවකට ලබාදෙන සහතික මිල රුපියල් 60 දක්වා වැඩි කරන්නැයි ඉල්ලා අද දහවල් වැලිකන්ද නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුනා.
ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරයේ නියෝජිතයන් සහ මහවැලි බී කලාපයේ ගොවීන් මෙම උද්ඝෝෂණයට එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරුව ඔවුන් තම ඉල්ලීම් ඇතුලත් සංදේශයක් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්වරිය වෙත භාරදෙනු ලැබුවා.
එහිදී ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කර ඇත්තේ ගොවීන්ගේ ඉල්ලීම් පිළිබඳ රජයේ බලධාරීන්ට දැනුම්දීමට කටයුතු කරන බවයි.