Gossips

වී අස්වැන්න ඉහළ යනු ඇති බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවෙන්

මේ වසරේ මහ කන්නයේ වී අස්වැන්න පසුගිය වසරට වඩා සියයට 57 කින් ඉහළ යනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මෙවර වැසි ලැබීම හේතුවෙන් මහ කන්නයේදී කිලෝග්‍රෑම් මිලියන 2.32ක අස්වැන්නක් අපේක්ෂා කෙරෙනවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙක්ටයාර හයලක්ෂ එක් දහසක වී වගාවක් මේ වනවිට සිදුකර ඇති බවයි.
පසුගිය මහ කන්නයේදී එලෙස වගා කරනු ලැබුවේ හෙක්ටයාර පන්ලක්ෂ 42,000ක කුඹුරු ඉඩම් ප්‍රමාණයක්.
එහිදී හෙක්ටයාර 70,000 ක පමණ කුඹුරු ඉඩම් නියඟයෙන් විනාශයට පත්වුණා.