Gossips

වීසා නොමැතිව අවන්හලක සේවය කළ පාකිස්තානුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

වැලිකඩ – රාජගිරිය ප්‍රදේශයේදී ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා අවන්හලක සේවය කරමින් සිටියදී මෙලෙස ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
30 හැවිරිදි සහ 31 හැවිරිදි මෙම පාකිස්තාන ජාතිකයන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.